ෆෝචූන් ප්ලස්

සෙලින්කෝ ලයිෆ් ෆෝචූන් ප්ලස්

ධනය වර්ධනය කරන ජීවිත රැකවරණය

සෙලින්කෝ ලයිෆ් ෆෝචූන් ප්ලස් යනු, කෙටි කාලීන වාරික ගෙවීමක් තුළින් මධ්‍ය කාලීන ජීවිත රක්ෂණ ප්‍රතිලාභයක් සහ ආයෝජන සැලසුමක් ලබා ගත හැකි, දිගු කාලීනව වාරික ගෙවීමේ වගකීම නොමැතිව, මනා කළමනාකාරිත්වයෙන් යුතු ව ආදායම් උපයන ඔබගේ ධනයට ආරක්ෂාව ලබා දෙමින් එය තවත් වර්ධනය කරන ආකර්ෂණීය ජීවිත රක්ෂණ සැලසුමකි.

ෆෝචූන් ප්ලස් වඩාත් පහසු වාරික ගෙවීම 3ක් සහ වසර 8ක ඔප්පු කාලසීමාවක් ලබා දෙන අතර, දක්ෂ වෘත්තිකයන් හා ව්‍යවසායකයන් මෙන්ම ජීවිත රැකවරණය හා ධනය ඉපයීම සඳහා බුද්ධිමත් සැලසුම් සොයනා අය වෙනුවෙන් ඇති ගැලපෙනම ජීවිත රක්ෂණ සැලසුමයි.

  • කෙටිකාලීන වාරික ගෙවීම තුලින් මධ්‍යකාලීනව ලැබෙන ආවරණය

මුල් වර්ෂ 3 පමණක් වාරික ගෙවීමෙන්, වසර 8ක් පුරා ජීවිත රක්ෂණයෙන් ලැබෙන සියලුම ප්‍රතිලාභ අත්විඳින්න.

  • පරිපූර්ණ ජීවිත රැකවරණය සමඟ ධන අරමුදලක් ගොඩනගා ගැනීමට හැකි වීම.

අපගේ ඉදිරියට නිකුත් කරන ලාභාංශ අනුපාත අනුව වසර 8 පුරාම ඔබ සැලැස්මේ ධන අරමුදලට කරන ආයෝජනය තව තවත් වර්ධනය වන අතරම, එම කාලයේ දී ඔබට ජීවිත රැකවරණය ද හිමි වේ.

  • ළබැඳි පාරිතෝෂික (Loyalty Rewards) සහිතව ධන අරමුදලෙන් ලැබෙන ආකර්ශනීය කල් පිරීමේ ප්‍රතිලාභය

වර්ෂ 8 අවසානයේදී වර්ධනය වූ කල්පිරීමේ ප්‍රතිලාභය සමගින් සුවිශේෂී ළබැඳි පාරිතෝෂික දීමනාව ද (ඉතුරුම් කොටසේ වාර්ෂික වාරිකය මෙන් 1.2x ට සමානව) හිමි වීමෙන් මෙම සැලසුමට ඔබ කල ආයෝජනයෙන් උපරිම ප්‍රතිලාභයක් ගැනීමට හැකි වේ.

  • කල් පිරිමේ ප්‍රතිලාභය ලබා ගත හැකි නම්‍යශීලි ක්‍රම

ඔබගේ මුල්‍ය අපේක්ෂාවන්ට අදාළව කල් පිරීමේදී එක වර මුළු මුදලක් ලෙස හෝ තෝරාගත් කාලයකට මාසික ගෙවීම් ලෙස කල් පිරීමේ ප්‍රතිලාභය ලබා ගත හැකියි.

  • ඔප්පු හිමියාගේ වයස – අවුරුදු 40
  • වාරික ගෙවන කාල සීමාව – වසර 3
  • රක්ෂණ ඔප්පු කාලය – වසර 8
  • වාරිකය ගෙවන ආකාරය – වාර්ෂිකව

ඔප්පු කාලසීමාව තුළ දී තැන්පතු මුදල නැවත ආපසු ලබා නොගත් බවට උපකල්පනය කරමින්, ඔප්පු කාලය තුළ ආයෝජනය කළ හැකි විවිධ දායකත්ව මුදල් වලට වසර 8 අවසානයේ දී ලැබෙන නිදර්ෂිත කල්පිරීමේ ප්‍රතිලාභ පහත දැක්වේ. 

ධන අරමුදල සඳහා වාර්ෂික දායකත්වය (රු)ලබා ගත යුතු අවම ජීවිත ආවරණයමුළු වාර්ෂික වාරිකය (ධන අරමුදල + ජිවිත ආවරණය)වසර 3 සඳහා මුළු ආයෝජනයවසර 8 අවසානයේ කල්පිරීමේ ප්‍රතිලාභය නිදර්ශනයක් ලෙස*
6%8%10%
500,0002,000,000529,7401,589,2202,118,8362,325,5592,556,191
1,000,0002,000,000529,7403,089,2204,241,9294,655,6975,117,309
2,000,0002,000,0002,029,7406,089,2208,488,1149,315,97110,239,546

*මෙය කල්පිරීමේ ප්‍රතිලාභ පිළිබඳ නිදර්ශනයක් පමණයි. සමාගම විසින් මාසිකව ප්‍රකාශ කරන ලාභාංශ අනුපාත, වාරික ගෙවීමේ දිනයන් සහ ඔප්පු කාලසීමාවේ දී ඔප්පු හිමියා අරමුදලෙන් සිදු කරන මුදල් ආපසු ගැනීම් අනුව, ඔප්පු හිමියාට සැබවින්ම කල් පිරීමේ ප්‍රතිලාභයේ අගය වෙනස් විය හැකි ය.

මෙහි දැක්වෙන 6%, 8% සහ 10%  අනුපාතයන් යනු අරමුදල් කළමනාකරණ ගාස්තුව අඩු කිරීමට පෙර ලැබෙන, උපාය ගත අනුපාතයන් (Earned Rates) වේ.

ඔප්පු හිමියාගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය අනුව වාරිකයේ අගය වෙනස් වේ.

‘Fortune Plus’ ඔබගේ අනාගතයට වාසනාව ගෙනෙන අයුරු පිළිබඳ වැඩි විස්තර දැනගන්න, (011) 2 461 461 අමතන්න.

නැතිනම් ඔබේ විශ්වසනීය සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ උපදේශකට අදම කතා කරන්න.